Monday, December 31, 2012

ඔයාගේ හදවතේ ලියපු කවියේ......ලිව්වද.....


















තරු පිරි අහසේ සඳ  ඔබ කිව්වම
තරු හිනැහී  ඔච්චම් කල තරහට
අරගෙන හෙමිහිට තරු එක එක මම
ඔය දිගු වරලෙහි ගැසු හැඩ....ලිව්වද

සේපාලිකා මල් අහුරක් අරගෙන
සඳවතුරින් පිණි සිහිල දොවාගෙන
පිණිබිඳු බේරෙන සුවඳැති පෙති මත
සැතපුනු තුරුලේ උණුසුම...... ලිව්වද

ඔය නිල් ඇස් දෙක වහලා අඳුරෙම
උඳුපියලිය කන හාවකු අරගෙන
හැඩ ඔබේ උකුළේ නිදිකර හෙමිහිට
ඇස් දෙක අරින්න කිව්වා.....ලිව්වද


 -රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

No comments:

Post a Comment