සඳවත සඟවා වෙන නමකින් හිඳ
සුනිල සිතුම් සෙවනැලි ගෙත්තම් කර
මුතුකළ ඔය ඔබේ කවිය පුරා මම
රහසෙම සැරුවෙමි..................
විනිවිද නුඹේ සිත දැනෙන තුරාවට..
සිතිවිලි සයුරේ රුවල මුදාහැර
දේදුණු අහසේ දෑස පියාගෙන
පාවෙන, ඉගිලෙන ලොවට වෙලා මම
දැන්-තව හිනැහෙමි............
ස්වර තත් වයනට තනුව සොයාගෙන..
සෙනෙහෙ සිහින හැඟුමන් දෝතට ගෙන
සඳ දිය ගඟුලේ මුසුකර තනිවම
මිහිඳුම් අහසේ වළා වියන් අග
රඳවා ඉවසමි.............
ඒ වැසි දහරේ තෙමෙන තුරා නුඹ... .-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
No comments:
Post a Comment