Saturday, May 10, 2014
වස්සානය....
එක් මලක් හෝ නොපිපි ගිම්හාන කාලයක
තුරුලතා පණපොවා අලුත් දළු ඇහැරවන
නිලන නිල් වසන්තය හරිත පැහැයෙන් ඇන්ද
මේ ඒ වස්සානයමයි මතකයිද ස්නේහය...
බොරැල්ල සුසානයේ ශ්වේත උස චිතකවල
ප්රතාපවත් මිනිසුන් දැවෙන කළු සැඳෑවල
මතක අළු පොඟවා තිලිණ සේ පසට දුන්
මේ ඒ වස්සානයමයි මට මතක විදියට..
අම්මගේ අතේ එල්ලී යනෙන විට කුඩාකල
අනෝරා ඇදහැලී අහස ගුගුරන විටෙක
මා නොතෙමෙන්නට මුවාකොට සාරියෙන් සඟවාගත්
අම්මාව තෙමූ නපුරු වස්සානයමයි මතක විදියට...
විභාගය අවසන්ව ඉකුත් දින කිහිපෙකට පෙර
යහළුවන් සමඟ ජෙනිස් කන්දෙහි නඟින විට
කුණාටුව සේ අවුත් සියළුදෙන තෙත බරිත කල
මේ ඒ වස්සානයමයි මතකයිද විනෝදය...
සරසවිය පාළුවට ගිය නිහඬ එක් සැඳෑවක
රොබරෝසි මල් මතින් තුරුළු වී ඇවිදගිය දිනෙක
සීතලම සිරිපොදක ඔබෙ කොපුළ රස බැලූ
මතකයන් තරමටම උණුසුම්ද වස්සානය...
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
Labels:
කාව්‍ය
Subscribe to:
Post Comments (Atom)
හොඳ නිර්මාණයක්. උපමා රූපක යෙදුම් උචිතව යොදා තිබෙනවා. තව තවත් ලියන්න, එවිට කවිය වඩාත් මුවහත් වේවි.
ReplyDeleteස්තූතියි :) :)
Deleteහරිම අගෙයි ලස්සනම නිර්මාණයක්..
ReplyDeleteස්තූතියි :) :)
Deleteහිතට සමීප අත්දැකීමක් නුහුරු වදන් ගොන්නක පටලවා ඉදිරිපත් කරන අන්දම අපූරුයි! තව බොහෝ දුරක් යන්න මගෙනුත් සුබපැතුම්!
ReplyDeleteස්තූතියි :) :)
Deleteරූප රාමු පෙළක්.
ReplyDeleteමරු බං.......
:) ස්තූතියි අයියා
Deleteතවම කියවනවා.........
ReplyDeleteහොද එකතුවක රූපරාමු පෙලක්.....ලස්සනයි.....
ReplyDeleteස්තූතියි :) :)
Deleteමනරම් ....ඉතාමත්ම !!සුභ පැතුම් දිගු ගමනකට
ReplyDeleteස්තූතියි :) :) :)
Deleteලස්සන නිර්මාණයක්...
ReplyDelete