Tuesday, December 2, 2014
ත්‍රිමා...
සැලෙන සෙලවෙන සිත් දරාගෙන
සටන් පෙරමුණු වුනි මලානික
එකම සිහිනෙක ජයම පත පත
ත්‍රිමා ඔබ විය රතු පියාපත...
දැවෙන දැල්වෙන අඳුරු යුගයක
ටයර් සෑ දුම් නැහැය හකුළන
සටන් සගයින් මියෙන විට තව
සටන සියතට ගත් පහන විය නුඹ...
පෙනෙන නොපෙනෙන ජයක පෙරමඟ
කුරිරු වධයක උපරිමය විඳ
දිවිය අතහැර ගියද මිලිනව
නොමල මිනිසා නුඹයි බබලන...
පිපෙන හිනැහෙන අළුත් මල් වල
සුවඳ කොයිබද ගියේ අතහැර
මියෙන උපදින බොහෝ දිනවල
ඔබෙ රුහිරු ඇත සැඳෑ අහසක...
නැඟෙන පිබිදෙන යෝධ පෙම ලඟ
තිළිණ කළ මේ සෙවණ "ඉගෙනුම"
නිමා නොවුනත් ධවල භීෂණ
ත්‍රිමා එනවද සටන් බිම වෙත?..
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
Labels:
කාව්‍ය,
නිදහස් අධ්‍යාපනය
Subscribe to:
Post Comments (Atom)
adee maru ban
ReplyDeleteඅපි අදටත් ඔහුට ණයගැතියි............... ඔලුවට අැණ ගහලා මරපු උන් කවුද කියලා සමාජය දන්නවා ත්‍රිමා..................
ReplyDelete