Sunday, December 30, 2012

ආයෙමත් ආදරෙන්. . .




















ලා සඳු හිනැහී අහසේ දිලෙනකොට
තරු පොඩි හැoගී රහස් කියනකොට..
කඩුපුළ් මල් පිපි සුවඳ හමනකොට
මා ගැන ඇය ගැන තවම හිතෙනවද. . .
 

අතීත මතක සැමරුම් මම මිටින් ගෙන
එක එක තබා පෙළකට ඔබේ සවන් මත. .
ඇත්තම මිසක එහි කිසි අඩුවකුත් නැත
නුවණැති සිතක මහිමය කෝ කොහි ගියෙද. . .

යෙහෙළිය විලස සිටි ඈ මට පෙම් කළද
ඒ බව දැන දැනත් මඟහැර මම නුදුටු ලෙස. .
දුර ගමනකට සිතිවිලි එක්කර තනිව
අවැඩක් කළේ කාටද එහි වරද කිම. . .

පමා වුන මා ලඟින් ඉවත් වී ඈ එදා
වෙන අයකු හා තුටින් පියාඹයි තටු සලා. .
තරු තවත් අහසකට හිරුඑළිය දෙන නිසා
අදත් අපි සුභපතමු මෙත් සිතින් පැතුමක් රුවා. . .

දේදුණු පාටින් නිමවා හැඩකළ ආදරයේ මුතු සරුන්ගලේ
හිනැහුනු මතකයේ රූසිරු තුරුළුව තවමත් ඉගිළෙයි නිසන්සලේ. .
සැනහුනු සෙනෙහේ අග පිපි කඳුලද දැවටී වියැකෙයි සුළිසුලඟේ
සැඟවුනු ආලයෙ රැළිනැඟෙනා හෙට ආපසු නොමයයි දෙමoසලේ. . . .


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

No comments:

Post a Comment