Monday, December 31, 2012

ගඟ අද්දර . . .

















සුදු ඇතුරුණු හිම සීත ඉවුරු දිග
නිල් දියරැළි නෙක සිත් තෙමුවා. .
සිසිර වසන්තෙක දුහුල් වළා මැද
මල් මඳවැසි කඳුලැලි සැළුවා. . .

විහඟ ගීත පිරි සිහිල් සුලo රැළි
ආසිරි චාමර ඇද වැටුනා. .
දෙනෙත් බොඳව ගිය මතකය අද්දර
මම තනිවම සිහිනෙක සැරුවා. . .

මගෙ අතැඟිලි අග රැඳුණු උණුසුමක
ඔබ උන් හැටි සිහියට නැඟුණා. .
ගිලිහුණ සුරතෙහි ජීවන සුස්මන
අයදින සෙනෙහස සිත පෙළුවා. . .

සක්මන් අහසෙහි සුදු සඳ සෙවනැලි
තරු කැටයම් කඩුපුල් පිපුණා. .
ගoදෑල පුරා රැඳි අපේ කතාවල
සිතුවම් එකිනෙක මම දුටුවා. . .

විරහ සයුරු තෙර සීතල සිපගෙන
උණු කඳුලක් දෙනෙතඟ රැඳුණා. .
ඉස්සර සවසක සමුගෙන ගිය නුඹ
කවදා හෝ යළි ඒවි කියා සිතුණා. . .

ඒවි කියා පැතුවා . . . .


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
 

4 comments:

  1. ලස්සන නිසදැස් කවි පන්තියක් ...සිතිවිලි ගඟ අපූරුවට ගලා බසින මනරම් සිහින මැවෙන කාව්‍යමය සංකල්පනාවක් ...

    ReplyDelete
  2. lassanai.... wish u good luck :)

    ReplyDelete
  3. wassane hasarel wenuwata
    kandulali maha wesi wetuna........
    wenwena bawa oba maa sadahata
    bondawunu nethagin penuna......

    paalu nimne seetha sulange
    obe wadan musuwela....
    mahada gambure sonduru sihine
    obe namatama liyawila.....
    sithata sithuse yalith perase
    inne naa api ape wela......
    nihanda saure mathaka werale
    man mulawi maa thaniwela.....

    langa innata pethuwath maa sitha rahasin
    mal suwandak se with oba sipagannam....
    piyamanumata himi nathiwath oba samagin
    duhuwillak wi oba yana maga athirennam.......





    -i m not better than you-

    ReplyDelete