Friday, May 9, 2014

සවන්දෙන්න.. හදවතින්...


















සුහදිණිය
ඔබ කියූ වදනක දෙකක
මම ජීවිතය
ලියූවෙමි..

ඔබේ එක් නෙත් සැරයක
අහම්බෙන් හෝ මදෙස බැලූ ඇසිල්ලෙක
මතක මල් පිපී
වසන්තය ඇහැරවන බවක් 
මට දැණිනි..

සඳ කිණිති හැමදාමත්
ඔබේ සුදු මුහුණ
වසාගෙන තිබුණි..

කැන්ටිමේ මේසයක
ඔබ දකින හැම අරුණෝදයකම
දේදුණු සිහිනයක පාට අතර
ජීවිතය අතරමන් වන බවක් 
මට හැඟුණි...

සිතින් තනිවන හැම මොහොතකම
මට ඔබව මතක් විය...

සිරිපොද වැසි සරසවිය සිප ගනිද්දීත්
දෑල දිග රොබරෝසි රැළි අතර දඟකරද්දීත්
සිහිලාර මිහිදුමක හන්තාන සැඟව යද්දීත්
කොහේදෝ සිට හමාඑන මල් සුවඳක
ඔබ මා සමග 
දොඩමලු වන බවක් මට දැණිනි...

එක් කලෙක ඔබව බලන්නම
මම ලෙක්චර්ස් ආ දවස් තිබුණි
ලැප්ටොප් තිරය මත
ඔබේ පින්තූර නොබැලූ 
දවසක් ගත නොවන්නට  ඇත
ලා පැහැ සාරියට 
ඔබ හරීම හරි පියකරුය. චාම්ය...

මග තොට ඉඳහිටක
තනිව හමුවූ විටෙක
වල ගැහෙන දෙකම්මුල් පෙන්වා
ඔබ මා සමඟ සිනාසෙන විට
හාත්පස නැවතී යලි ඇරඹෙනු මට දැනෙයි..

මෙම රොබරෝසි පෝස්ටුව
ඔබ කියවන්නටද ඉඩ ඇත
මෙහි පදපේලි අතරේ සැඟව ඇත්තේ ඔබම බව
ඇතැම්විට ඔබට නිශ්චිත නොවනු ඇත..

එහෙත් සුහදිණිය..

ඔබට දෙන්නට දවසක
තවමත් ලියාගත නොහැකිවුණු
එකම එක කවියක 
තනුව මෙහි සැඟව ඇත..

එයට සවන්දෙන්න....

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

16 comments:

  1. තනුව ඉක්මනින්ම හමු වේවා...
    පද පේලි අගෙයි.. ඇගෙන්ම ඇවිත් තියනවා වගෙයි.

    ReplyDelete
  2. අගේ ඇති පද වැලක් ! සිත්තමක් වගේ මැවිල පේනවා කියවගෙන යත්දි

    ReplyDelete
  3. ලස්සනයි මචං! :)
    උඹ දන්නවද?
    " සැබෑ පෙම්වතුන් කිසි දිනක එක් නොවේ. එක් වූ කිසිවකුත් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේ"

    ReplyDelete
    Replies
    1. අහල තියෙනව ලූෂන් මහත්තය කියපු කතාවක් නෙ :)

      Delete
  4. අනේ මන්දා මේවානම් මට කිව්වානම් කරල දෙනවානේ මල්ලි

    ReplyDelete
    Replies
    1. කොරයි අයියා lol

      Delete
  5. තනුව ඔබ ලඟ තබා ගනු මැන
    සුරැක මා යළි එනතුරා
    සොඳුරු කවියක් ලියා දෙන්නම්
    හදවතේ පිටුවක් පුරා .....

    ReplyDelete
    Replies
    1. නිදිබර තුරු හිසක
      මල් කිණිති පෙති සලා
      සුවැඳිති මතකයක
      ඔබ ඒවි සිහිනය වෙලා

      Delete