Sunday, January 6, 2013

සඳ මතක . .



පළා පැහැ අතු රිකිළි අග දිලිසෙන
මල් පියලි පිනි බිoදු සිහිලස සදන සවසක
සිනාසෙන සරත්
සඳ දුටුවා මම
ඒත් ඒ ඔබ නික්ම යන්නට පලමුව. . .


අදත් මම සැඳෑවට ඇවිද යමි සරසවියෙ ඉඳහිට
පායා ඇතත්
සඳ එදා මෙන් වසාගෙන හන්තාන 

නොගිලිහුණ කඳුලක් ඇති නිසා තවම ඇස් අග
අනෝරා වැසි වට කලෙක මෙන් බොඳව ඇත
සඳ
මට. .
හැමදාම. . . .


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-


6 comments:

  1. නියමයි මචං.. නොගිලිහුණ කඳුළු කවදාවත් ඇස වලින් ගිලිහෙන්න එපා කියල ප්‍රර්ථනා කරමු. :)

    ReplyDelete
  2. මතකයන් සිත දවාලන
    එක් පාළු සැඳෑවක
    හන්තාන කදුළු වලල්ට පාත්වු
    බොද මිදුමකින් වැසුණ පුර සද
    ‍කොයිතරම්නම් එළිය කලත්
    සරසවි බිම
    ඇයි තාම කළුවඑ නුඹේ ලොව

    සුභ පැතුම්

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. සඳ මතක අවදි කර
    නෙත් කෙවෙනි බොඳ කළත්
    සෙනෙහස දැනේ නිතරම
    පාළු නිසසල රෑක නිතරම
    තනි නොතනිය මකන සඳ

    (කවිය නියමයි සහෝ. දිගටම ලියන්න. ජය...!!!)


    **~~~දඟ මල්ල~~~**

    ReplyDelete