පළා පැහැ අතු රිකිළි අග දිලිසෙන
මල් පියලි පිනි බිoදු සිහිලස සදන සවසක
සිනාසෙන සරත් සඳ දුටුවා මම
ඒත් ඒ ඔබ නික්ම යන්නට පලමුව. . .
අදත් මම සැඳෑවට ඇවිද යමි සරසවියෙ ඉඳහිට
පායා ඇතත් සඳ එදා මෙන් වසාගෙන හන්තාන
නොගිලිහුණ කඳුලක් ඇති නිසා තවම ඇස් අග
අනෝරා වැසි වට කලෙක මෙන් බොඳව ඇත සඳ
මට. .
හැමදාම. . . .
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
නියමයි මචං.. නොගිලිහුණ කඳුළු කවදාවත් ඇස වලින් ගිලිහෙන්න එපා කියල ප්‍රර්ථනා කරමු. :)
ReplyDeleteමතකයන් සිත දවාලන
ReplyDeleteඑක් පාළු සැඳෑවක
හන්තාන කදුළු වලල්ට පාත්වු
බොද මිදුමකින් වැසුණ පුර සද
කොයිතරම්නම් එළිය කලත්
සරසවි බිම
ඇයි තාම කළුවඑ නුඹේ ලොව
සුභ පැතුම්
bohoma lassanai
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසඳ මතක අවදි කර
ReplyDeleteනෙත් කෙවෙනි බොඳ කළත්
සෙනෙහස දැනේ නිතරම
පාළු නිසසල රෑක නිතරම
තනි නොතනිය මකන සඳ
(කවිය නියමයි සහෝ. දිගටම ලියන්න. ජය...!!!)
**~~~දඟ මල්ල~~~**
lassani
ReplyDelete