Tuesday, November 18, 2014

රහසකට රහසින්....

















හේමන්ත උයන වෙත සුළඟ හෙමිහිට එන්න
විලෝ තුරු හෙවණ යට මල් කිණිති අතුරන්න

දුක දැකපු දෑසකින් ජීවිතේ දැකගන්න
සුළඟ ඔබ නොකියන්න විඳගන්න ඉඩදෙන්න...

කදෝකිමි එළි අතර නිවෙන තරු දිදුලන්න

වැහිවලා සේද සළු සෙමින් ඉවතට යන්න
ඇදවැටුණ මිනිසකුගේ ආදරය දල්වන්න
නොවැම්බර් සුසුමකට උණුසුමින් ලංවෙන්න...

සඳඑලියෙ නැහැවෙමින් සෙනෙහසින් සැනහෙන්න
වසන්තය හමා එන සිහිනයෙහි නවතින්න
දුක පිරුණු සිනහවක සොඳුරු බව වැටහෙන්න

කවියකට තුරුළු වී හාදු එක එක දෙන්න...

විලෝ තුරු පත් සැලෙන සිලිසිලියෙ තනිවෙන්න
හිතන්නට බොහෝ ඇති තවත්
දේ දැනගන්න
මතකයන් විතරමද ජීවිතයෙ අස්වැන්න
 
ආදරය මුණගැහෙන කවිපොතම ඔබ වෙන්න...
 

උයන වෙත ඔබ එන්න....

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-


7 comments:

  1. සුන්දර කව් පෙළක් , වෙසෙසින්ම හැම කව් පංතියකම අවසන් දෙපද මා සිත් උණුසුම් කළා .
    ස්තුතියි ඔබට මේ සොඳුරු පද වැල අපට බෙදා දුන්නාට

    ReplyDelete
  2. Sarasawi Uyanada???

    ReplyDelete
  3. Kanchana PriyakanthaNovember 19, 2014 at 3:00 AM

    harima lassanayi

    ReplyDelete
  4. හැම පදයක්ම හරිම රහයි.. සුන්දරයි.. සුන්දරම කවි පෙළක් කාලෙකින් රස විදපු...

    ReplyDelete
  5. ස්තූතියි හැමෝටම .. සතුටුයි කමෙන්ටු දැකීම..

    ReplyDelete