Wednesday, January 30, 2013

බ්ලොග්කාරී . . .
















සඳවත සඟවා වෙන නමකින් හිඳ
සුනිල සිතුම් සෙවනැලි ගෙත්තම් කර
මුතුකළ ඔබෙ ඔය බ්ලොගය පුරා මම
රහසෙම සැරුවෙමි..................
විනිවිද නුඹේ සිත දැනෙන තුරාවට

සිතිවිලි සයුරේ රුවල මුදාහැර
දේදුණු අහසේ දෑස පියාගෙන
පාවෙන, ඉගිලෙන ලොවට වෙලා මම
දැන්-තව හිනැහෙමි............
ස්වර තත් වැයෙනා සොඳුරු සැඳෑවක

සෙනෙහෙ සිහින හැඟුමන් දෝතට ගෙන
සඳ දිය ගඟුලේ මුසුකර තනිවම
මිහිඳුම් අහසේ වළා වියන් අග
රඳවා ඉවසමි.............
ඒ වැසි දහරේ තෙමෙන තුරා නුඹ


 -රොෂාන් නයනජිත් හේවාවිතාරණ-


3 comments:

  1. කව්ද මේ බ්ලොග් කාරිය?නමත් කිව්වනම් හරිනේ අය්යේ

    ReplyDelete
  2. ඔන්න මලයෝ මාත් ආව එදා අදුනගැන්ම නිසාවෙන්ම. මෙතැනත් කවිකම ගලායන ඉසව්වක්නේ... දැන් එන්නං දිගටම. මගේ බ්ලොගේ ඔයාගේ ලිංකුව දාන්නං ලෝගෝවක් හදා එවන්න.

    ReplyDelete
  3. ලස්සන කවිපද ටික.නලින් අංකල් කිව්වා වගේ මේවයෙ කවිකම ගලාගෙන යනවා..

    ඒත් ඔන්න ප්‍රශ්නයක්.කාටද මේක ලීවේ..?

    ReplyDelete