Sunday, April 12, 2015

සිහිවටන...




















පියවෙමින් ඇති සඳක මඳ එළියක..
මල් බඳුන් පැහැයෙන් ඇඳෙන සැඳෑ අහසක..
චෙරි මලක මෘදු පියල්ලක දෙකක..
දිගු සෙවනැලි සදන උයන් තුරු සෙවණක..

හුරු පුරුදු  සුළඟක සිහිවටන මුසුකර..
ඔබට කියවන්නට බොහෝ දේ තබා ඇත මම..

අහම්බෙන් හෝ ඔබට මුණගැහෙන කවියක දෙකක..
ගිලිහුණේ අතිනත් නොවේ ජීවිතය බව ලියා ඇත....


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
 

2 comments:

  1. ඒක හැබැයි..... අන්තිමට බැලින්නම් හැම දේම නැති වෙලා........

    ReplyDelete