Wednesday, December 3, 2014

දෙසැම්බරයක කවි....





















ලදළු පත් නැළවෙනා මුදු සුලඟකිනි
සුවඳ සුදු අරවින්ද පිපි ලෙසිනි
නිලන තුරු සිරසි මත සඳ පිරුණි
ඔබෙ නයන දිගු බැල්ම සිත ඇඳුණි...

ළයාදර සිහින අග රැඳි සුසුම්වැනි
අහිංසක සඳ මුහුණ වදනක සිනාසුණි
දයාබර සිතුවමක පැහැ ගෙන මල් සැළුණි
සෙනෙහෙබර දෙසැම්බරයක තව කවි පිපුණී...


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

4 comments:

  1. ලස්සනයි කවි ටික...

    ReplyDelete
  2. කොහොමත් දෙසැම්බරය ලයාන්විතයි...... සීතලයි.......... කවීත්වයට සමීපයි.................

    ReplyDelete
  3. ස්තූතියි හැමෝටම :)

    ReplyDelete