Sunday, November 30, 2014

දෙසැම්බරයක..




















තුහින පිණි පා දොවන දෙසැම්බර් අහස යට
දීර්ඝම දවස් ඇත සඳත් හෙමිහිට නිවෙන..

නිදිබරම තුරු කිණිති නිසොල්මන් සෙවනැලි සදන
රැය ගෙවෙයි, බලා ඉමි ඔන්ලයින් එයිදැයි සොඳුර..

පහන් තරු මග හැරුණු ජීවිතේ අඳුර ලඟ
සහන් එළි දල්වමින් ඔබ හිඳියි බොහෝදුර..

ඉඳහිටක හමාඑන මඳනලක මල් සුවඳ මුසුකර
ආස කවියක් පා කරමි ඔබව සිපගනු පිණිස..

සිතින් මම මවාගෙන ඔබේ රුව ගුණ වරුණ
අහිංසක සිනහවක දිගහරිමි  ජීවිතය..

මිහිදුමට තුරුළුවී අඳුරු වෙයි මුළු හන්තාන
වැහි වලා නිවායයි ඔබ නොමැති සඳපාන..

කවිපොතෙහි කවි අතර වසත් මල්  සුපිපෙන්න
එක් වරක් හෝ ඇවිත් දැකගන්න ඉඩදෙන්න..

ඉවසමින් දකින හැම නෙතක ඇඳි පෙම් සිහින
සරසවිය වෙත එන්න මගේ හදවත රැගෙන..


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

3 comments:

  1. "කවිපොතෙහි කවි අතර වසත් මල් සුපිපෙන්න
    එක් වරක් හෝ ඇවිත් දැකගන්න ඉඩදෙන්න.."

    අහිංසක පැතුමක්... මගෙ හිතෙත් ගනෙුවෙලා තියෙන.. ලස්සනයි...

    ReplyDelete
  2. රැය ගෙවෙයි, බලා ඉමි ඔන්ලයින් එයිදැයි සොඳුර..
    මේ ටික නොතිබුනානම් කවිය සුපිරියි!

    ReplyDelete
  3. හරිම ලස්සනයි...... මගේ සුබ පැතුම්

    ReplyDelete