ගිනිදැල් පවා මෘදුව දැල්වෙන පහනක
මලානික එළියෙහි සැලෙන සෙවනැලි අතර
අඩක් ලියැවුණු කවියක් දෙකක් තුරුළු කරගෙන
සිසිරයෙහි රාත්‍රිය යළි යළිත් නිමාවිය...
තෙතබරිත අහස්කුස සෙමින් සුසුමන් සලන
පත් සිඳුණු තුරු පවා මතක උණුසුම සොයන
තබා ගිය සළකුණුත් හිම වලින් මැකී යන
සිසිරයෙහි හිමිදිරිය යළි යළිත් උදාවිය...
එහෙත් සුහදිනිය..,
දැක නැතත් ඔබේ ඔය පුංචි ඇස් පියවි ලෙස
වසන්තය ගෙන එතැයි බොහෝ විට මට සිතිණ....
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
ලස්සන කවි සිතුවිල්ලක්.. දිගටම ලියමු ඈ. !!
ReplyDeleteහ්ම්ම් අපුරුයි
ReplyDeleteදුක ගෙනෙන ලස්සනක්..
ReplyDeleteස්තූතියි හැමෝටම
ReplyDelete