Sunday, April 14, 2013

සිහිනයක අග ...


















අත වනන සුලඟකට හාදු එක එක තියා
වසන්තයෙ එරබදුත් පිපෙනවා ඔබ එයි කියා ...
අරුණෝද මිහිදුමෙහි සුසුම් උණුසුම තියා
   
නොඑන ඔබ දිලෙනවා ඈත තරුවක් වෙලා ....

නිවී නිවී යලි දිලෙන දෑස් අග නැවතිලා
හෙමි හෙමින් ඔබේ දෙතොල් පෙති අතර මුව තියා ...
උණුසුමෙහි ගෙවුනු යුග මතක සැමරුම් වෙලා
 

ගලා එන කඳුළු බිඳකින් මගේ ඇස් බොඳවෙලා ....

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

9 comments:

  1. රොමෑන්ටික්......!

    සුබ අලුත් අවුරුද්දක් වේවා....!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා සුමිත් අයියා...

      Delete
  2. හමන මද සුලග හා මොහොතකට යාලු වී
    එවන පණිවිඩය හොදට..ම පමා වී
    ගෙව්නත් අවුරුද්ද ඊයෙන් උදාවී...
    සුභ අලුත් අවුරුද්දක් රොබරෝසියා,සමා වී

    ReplyDelete
    Replies
    1. ලස්සනයි.. :) සුභම සුභ අලුත් අවුරුද්දකට ආසිරි ....

      Delete
  3. එසේම වේවා නලින් අයියා..

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. දුක් බර ප්‍රාර්ථනාවක් සහ මිහිරි මතකයක දුක්බර කදුළු සැමරුම.ලස්සන නිර්මාණයක්.

    ReplyDelete
  6. ඇස් අතර සෙවු සියලු කවිපද
    නොසිතු අයුරින් පාවෙලා
    යළිත් හමු වෙයි නුඹට සකිසද
    සොදුරු සුවදක යා වෙලා

    නිදුක් නිරෝගී සුවපත් වසරකට සුබ පැතුම්!

    ReplyDelete