Saturday, October 3, 2015

සෙනෙහසක පහන්..



















මඳක් ඉස්සී බලන විට ඇස් මඟහරින
අකුරු නැති කවි අතර ගොළු බව
දරන්නට නොහැකිව වසන්තය නික්මිණ..

එහෙත් මිතුරිය,

ඇස් වසාගෙන අවදියෙන් සිටි ප්‍රේමය
දැල්වූ පහන් වෙයි තවත් අපමණ
ජීවිතය නිවෙන තුරු දැල්වෙන...

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Sunday, April 12, 2015

සිහිවටන...




















පියවෙමින් ඇති සඳක මඳ එළියක..
මල් බඳුන් පැහැයෙන් ඇඳෙන සැඳෑ අහසක..
චෙරි මලක මෘදු පියල්ලක දෙකක..
දිගු සෙවනැලි සදන උයන් තුරු සෙවණක..

හුරු පුරුදු  සුළඟක සිහිවටන මුසුකර..
ඔබට කියවන්නට බොහෝ දේ තබා ඇත මම..

අහම්බෙන් හෝ ඔබට මුණගැහෙන කවියක දෙකක..
ගිලිහුණේ අතිනත් නොවේ ජීවිතය බව ලියා ඇත....


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
 

Sunday, January 25, 2015

කළු ජනවාරියට වසර පහයි. ප්‍රගීත් කෝ..?




















උණු රුහිරු සුවඳයිද නිජබිමක සාරය මැරූ හැටී
සුදු වෑන් ඉගිළුණිද පපු සොයා තබමින් අමු වෙඩී
පන්හිඳක් ගොළුවෙයිද ආදරෙන් අඳුරෙහි ලියූ එඩී
ජනවාරි එලියයිද මිනිහෙක්ව මතකයක් වුන දැඩී...


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-